පාසල් දරුවන්ට උපදේශන වැඩසටහන් සඳහා රජයෙන් කොමිසමක්-අගමැති

වත්මන් ආණ්ඩුව රටේ ආදායමෙන් වැඩි කොටසක් සමාජ සංවර්ධනය සඳහා වෙන් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ. මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කොළඹ අද(22) පැවති උපාධි ප්‍රධානෝත්සවයකදීයී.

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ උපාධි ප්‍රදානෝතසවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේදී අද පැවැත්විය.

ආණුවක් ලෙස විශාල මුදලක් ණය ගෙවීම සඳහා යෙදවීමට සිදු වු බව ද සඳහන් කළ අගමැතිවරයා, එම ණය ගෙවා දැමීමට හැකියාව ඇත්නම් අතීතයේ ජනාධිපතිවරණයක් නොපවත්වන බව ද පැවසීය.

ඩොලර් මිලියන 5900 ක් ණය වශයෙන් ගෙවීමට සිදුවීමෙන් අදායම විශාල වශයෙන් එයට යෙදවු බවත්, තවත් කොටසක් රජයේ සේවකයින්ගේ පඩි ගෙවීමට යෙදවීමට සිදුවු බවත් අගමැතිවරයා මෙහිදී කියා සිටියේය.

ඉතිරිය තුළින් වැඩි වශයෙන් සමාජය නඟා සිටුවීමට යෙදවු බව ද පැවසු අගමැතිවරයා,අධ්‍යාපනය එහි මුලිකත්වය ගත් බව ද පැවසීය.

සමාජය අද වන විට නොසිතන ලෙස වෙනස් වී ඇති බව ද පැවසු අගමැතිවරයා,පාසල්වල හා තරුණයින් සම්බන්ධයෙන් (කවුන්සලින්) උපදේශන මාලාවන් සිදු කිරීම සඳහා ජාතික වැඩසටහනක් සඳහා කොමිසමක් පත් කිරීමට වැඩකටයුතු සිදු කරමින් පවතින බව ද පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *