එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පත්වු පසු උපක්‍රමශීලිව කටයුතු කරනවා-තිලංග

එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත්වූ පසු ,තම පක්ෂයේ අපේක්ෂයකයා. තේරීම පිළිබඳ උපක්‍රමශීලීව කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වෙත පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර පැවති සාකච්ඡා ඉතාම සාර්ථක බවත්, තෝරා ගත් කරුණු 20 ක් පමණ ‍ඔස්සේ හුවමාරු කර ගත් අදහස්වල එකඟතාවය සෙසු පක්ෂ සමඟ කතා කර ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වීමට උත්සහ ගන්නා බව ද සුමතිපාල මහතා පැවසීය.

ඉන් අනතුරුව අප්‍රේල් 10 වන දින තෙවන වටයේ සාකච්ඡා පවත්වන බව ද පැවසු මන්ත්‍රීවරයා, අද වන විට වත්මන් ආණ්ඩුවට ඉදිරියට යා නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව ද සඳහන් කළේය.

එනිසා ජනතාව නව ආණ්ඩුවක් හා නව රටක් බලාපොරොත්තු වන බවත් පැවසු මන්ත්‍රීවරයා අලුත් රටකට අවශ්‍ය පසුබිම සැදීම වගකීමක් වන බව ද සඳහන් කළේය.

දෑත් දෙකම සියලු දෙනා වෙනුවෙන් දිගු කර එකතු වෙන්න ආරාධනා කරන බව ද සඳහන් කළ මන්ත්‍රීවරයා, පොදු ජන පෙරමුණ තුළින් ගිලිහී ගිය සියලු දෙනාට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වන ලෙස ද පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *