බිරිඳ සමඟ අමනාපයෙන් ගිය සැමියා වාහනය ගිනි ගෙන පිළිස්සී මරුට

මොනරාගල පොලිස් වසමේ හොරොම්බුව සුදුවතුර ආර මාර්ගයේ දී වාහනයක් ගිනි ගැනීමකට ලක්ව පිළිස්සී පුද්ගලයෙකු මියගස් ඇතැයි පොලීසිය පවසයි.

අද(22) අළුයම 12.45ට පමණ මෙය සිදුව ඇති බවට තොරතුරු ලැබී තිබේ.

කැලෑබද ප්‍රදේශයක දී කැබ් රථය ගිනි ගෙන ඇති අතර, එහිදී රථයේ ගමන් කළ පුද්ගලයා පිළිස්සී මිය ගොස් ඇති බවට පොලීසියට ලද තොරතුරක් මත පරීක්ෂණ අරඹා තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 50 ක් වු නව ඩිපෝව පාර, හුලංදාව, මොනරාගල ප්‍රදේශයේ පදිංචි වනසිංහ ගුරුගේ චන්දන පුෂ්පකුමාර නැමැත්තෙකු බව පොලීසිය අනාවරණය කරයි.

ඊයේ (21) දින සවස 6 ට පමණ බිරිඳ සමඟ ආරවුලක් ඇති කර ගෙන කැබ් රථයකින් නිවස මෙම පුද්ගලයා පිටව ගොස් ඇතැයි අනාවරණය වී තිබේ.

මෘත ශරීරය මේ වන විට කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබේ.

රත්ගම පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *