පාසලක පාපන්දු ක්‍රීඩාවේ යෙදී සිටි සිසුවා හදිසියේ මියයයි

මොරටුව පොලිස් වසමේ වේල්ස් කුමර විදුහලේ පාසල් සිසුවෙක් ‍ඊයේ(21) සවස හදිසියේ ඇති වු අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ සවස 1 ත් 1.30 ත් අතර, මෙය සිදුව තිබේ.

13 වසරේ ගණිත අංශයේ ඉගෙනුම ලබන මෙම සිසුවා විදුහලේ ක්‍රීඩා පිටියේ සිසුන් කිහිප ‍දෙනෙකු සමඟ පාපන්දු ක්‍රීඩාවේ යෙදී සිට ඇත.

එහිදී ඇති වු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පාසල් සිසුවා විදුහල්පති ඇතුළු ගුරුවරුන් විසින් ගිලන් රථයක් ගෙන්වා පානදුර රෝහල වෙත ඇතුළත් කර තිබේ.

රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිසුවා මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 18 ක් වු ගාලු පාර, ගොරකන, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි සමිත් දුල්සර ද සිල්වා නැමැති සිසුවෙක් බව පොලීසිය සඳහන් කරයි.

මෘත ශරීරය මේ වන විට පානදුර රෝහලේ තැන්පත් කර තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් මොරටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *