නාවික මෙහෙයුමකින් තවත් බීඩි කොළ ගෝනි 4ක් අල්ලයි

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් තලෙයිමන්නාරම් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව තවදුරටත් සිදු කරන ලද සෝදිසි කිරීමේදී කිලෝ ග්‍රෑම් 327 යි ග්‍රෑම් 160 ක බරකින් යුත් බීඩී කොළ සහිත ගෝනි 04 ක් සොයා ගෙන තිබේ.

ඊයේ(21) දින අත්අඩංගුවට ගත් බීඩී කොළ තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර ඇත.

මාර්තු 20 වන දින රාත්‍රී කාලයේ සිදුකළ සෝදිසි කිරීම්වලදි සොයාගන්නා ලද බීඩී කොළ කිලෝග්‍රෑම් 912 ග්‍රෑම් 460 ක් සමඟ අත් අඩංගුවට ගත් පුද්ගලයින් විසින්ම මෙම බීඩි කොළ තොගය ද රැගෙනවිත් ඇති බවට සැක පළ කෙරේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *