ආණ්ඩුවේ අලුත්ම චිත්‍රපටය වොක්ස් වැගන් II

ඕමානය ලංකවේ පිරිපහදුවක් සඳහා අයෝජනය කරන බව ආණ්ඩුව විසින් සඳහන් කළ ද ඕමාන රජය. විසින් එය ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරිය මහතා පවසයි.

අද(21) කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

වොක්ස් වැගන් -2 නමින් අලුත් චිත්‍රපටයක් හදමින් තිබෙනවා. ඔමාන් රජයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.85 ආයෝජනයක් සහිත තෙල් පිරිපහදුවක් හම්බන්තොට වරායට දෙන බව ආණ්ඩුව කිව්වා.

වොක්ස්වැගන් එක වගේ තමයි. ඔමාන රජයෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළාම කියන්නේ ඒ සම්බන්ධයෙන් නොදන්නා බවයි. වොක්ස්වැගන් කම්පැනිය එනවා කිව්වට ඒ අය ලංකාවේ ආයෝජනය කරන්න අදහසක් නැතිලු.

මත්තල ඉන්දියාවේ ආයනයකට දෙනවා කිව්වා වුනත් ඒ අය දන්නේ නැහැ. මේ කාටද බොරු කරන්නේ. අවුරුදු හතරක් රට ආර්ථික වශයෙන් විනාශ කරලා තියෙන්නේ.

මාසයක් යන්න කළින් විදුලිය කපන්න මේ රජයට සිදුවෙනවා. රජයේ වියදම් වැඩි වෙද්දි මේ රජයට වෙන විකල්පයක් නැහැ. මහින්ද රාජපක්ෂ රජය සමයේ නොරොච්චෝලේ විතරක් නෙවෙයි.

චන්ද්‍රිකා බන්ඩාරනායක මැතිණිය සමයේ ආරම්භ කරන්න බැරිවුන ඉහළ කොත්මලේ වැනි ව්‍යාපෘති පවා ඇරඹුවා. සාම්පූර් ව්‍යාපෘතිය හෝ වෙනත් ව්‍යාපෘතියක් ඉදිරියේ එන විදුලි අර්බුදය විසදන්න දියත් වෙන්න අවශ්‍ය බව අපි කවුරුත් දැනගෙන හිටියා. නමුත් මේ රජය කිසිදු පියවරක් ගත්තේ නැහැ.

සේවක අර්ථ සාධක මුදල් කොළඹ කොටස් වෙලෙද පොලේ අයෝජනය කිරීමේ සූදානම්ක් තියෙනවා. කිසියම් මුදලක් කොටස් වෙලෙද පොලක ආයෝජනය කිරීම නරක නැහැ.

සාමාන්‍යයෙන් කොටස් වෙලෙද පොල මුදල් ගන්නේ මුදල් අඩු වෙද්දි නෙවෙයි. සාමාන්‍යයෙන් කොටස් වෙලද පොලක කොටස් ගන්නේ කොටස් මිල වැඩි වෙද්දියි. කොටස් මිල අඩු වෙන කාලයක ආයෝජනය කිරීමේ තේරුමක් නැහැ.“

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *