ජවිපෙ – අගමැති අතර විශේෂ සාකච්ඡාවක්

ජනතා විමුක්ති පෙරමුණ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී හෙට. (22) පැවැත්වීමට නියමිතය.

විධායක ජනාධිපති ධූරය සඳහා සකස් කළ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කීය.

මෙම සාකච්ඡාව සඳහා ජනතා විමුක්ති පෙරමුණු පාර්ශ්වයෙන් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් හා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරු සහභාගී වෙති.

20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මීට පෙර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා දෙමළ ජාතික සන්ධාන නායකයන් සමඟ ද ජනතා විමුක්ති පෙරමුණ සාකච්ඡාවක නිරත විය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *