ජිනීවා හරහා රටේ ඒකීයභාවය බිඳ දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි

ජීනීවා මානව හිමිකම් සමුළුව හරහා ශ්‍රී ලංකාව ඒකීය රටක් ලෙස සිදු කරන කටයුතු අඩාල කිරීමේ කුමන්ත්‍රණයක්. ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා පවසයි.

අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ විදේශීය මෙන්ම දේශීය කුමන්ත්‍රණකරුවන්ද මෙහි පිටුපස සිටින බවයි.

විජේදාස රාජපක්ෂ මහතා ජිනීවා ප්‍රශ්නය ගැන ඉතාම හොඳ පැහැදිලි කිරීමක් පාර්ලිමේන්තුවේ දී සිදු කළ බවත්, එයට පිළිතුරු දීමට හෝ කිසිවෙකු නොසිටි බව ද සඳහන් කළ මන්ත්‍රීවරයා, එයින් පෙනී යන්නේ ජිනීවා මානව හිමිකම් සම්මේලනය හරහා මෙරට ස්වාධිපත්‍ය, ස්වාධීනත්වය හා ඒකීයභාවය බිඳ වැටෙන බව ද සඳහන් කළේය.

මෙම කුමන්ත්‍රණය ඇතුළත විදේශීය මෙන්ම දේශීය කුමන්ත්‍රණකරුවන් ද රැසක් සිටින බව අද වන විට පැහැදිලි වී ඇති බව ද චන්ද්‍රසේන මහතා කියා සිටියේය.

ත්‍රස්ථවාදය අවසන් කරපු රණවිරුවාගේ මානසිකත්වය තව දුරටත් විකෘති කිරීම සඳහා මෙය පසුබිමක් කර ගෙන ඇතැයි ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *