මිනී මැරීමකට සහය දුන් කාන්තාවක් අත්අඩංගුවට

මොරටුමුල්ල පිළියන්දල මාර්ගයේ නිවසක් ඉදිරිපිට සිටි තිදෙනෙකුට වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් ඉකුත් 14 වැනිදා සිදු වුණා.

මෙම වෙඩි තැබීමෙන් එම නිවස ඉදිරිපිට මාර්ගයේ සිටි බස් රථ හිමිකරුවෙකු සහ ඔහුගේ පුතාගේ මිතුරෙක් මිය ගොස් තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන්ට නවාතැන් ලබාදුන් සැකකාරියක් ඊයේ (20) වැලිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය වයස අවුරුදු 34ක් වූ අංක 15, සහබන්දු වත්ත, පැලෑන වැලිගම ලිපිනයේ පදිංචිකාරිනියක්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *