ව්‍යාජ රියදුරු බලපත් සැකසූ පුද්ගලයෙක් අත්අඩංගුවට

ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කළ පුද්ගලයෙකු සමග වෙනත් පුද්ගලයන් සඳහා සකස් කළ බව පැවසෙන ව්‍යාජ රියදුරු බලපත්‍ර 54ක් පසුගිය (19දා) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු පවසති.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි ගීගනගේ ප්‍රීති ශාන්ත (අවු.48) නැමත්තෙකි.

පොලිස් විශේෂ කාර්ය බළකා ලද තොරතුරක් මත රාජගිරිය ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අවස්ථාවේදී ඔහු සතුව තිබී අදාළ ව්‍යාජ රියදුරු බලපත්‍ර ‍තොගය ‍සොයා ගෙන තිබිණි.

සැකකරු විසින් මුදල් ලබාගෙන මෙම ජාවාරම දීර්ඝ කාලයක සිට සිදුකර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර, ඔහු වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇත.

ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කළ ස්ථානය පිළිබඳ හා මෙම නීතිවිරෝධී ක්‍රියාවට සම්බන්ධ වෙනත් පුද්ගලයන් සිටීද යන්න පිළිබඳ සොයා බැලීමට පොලීසිය විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කර තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *