ජනපතිවරණයට ‌දිනන අපේක්ෂකයෙක් දෙනවා – මහින්ද

ඉදිරි ජනපතිවරණය සඳහා දිනන අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් ඔහු ජයග්‍රහණය කරවිම ජනතාවට. භාරව ඇති බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

පසුගිය (19දා) දෙහිඹීවිටදි ජනතාව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකයවරයා, “ ජනපතිවරණයට ජයග්‍රහණය සමග ජාතිවාදය මෙරටින් තුරන් කර සියලු ජාතීන්ට ඔවුන් කැමති ආගමක් ඇඳහීමේ අයිතිය ලබාදෙනවා. මේ ආණ්ඩුව හවුරුදු හතරක් ජනතාවට කළ සේවයක් නෑ.

කුඩු ගමට ඇවිල්ලා. කුඩු බොන ඇමතිවරු ඉන්නවා කියලා ආණ්ඩුවේ ඇමතිවරයෙක් කියනවා. හැබැයි මම වගකීමෙන් කියනවා අපේ පැත්තෙනම් කුඩු බොන අය නෑ. මෙයින් රට මුදා ගතයුතුයි.

ජනාධිපතිවරයාටත් මේ ආණ්ඩුව පාලනය කරන්න බෑ. අග්‍රාමාත්‍යවරයා ඔහුට අවශ්‍ය විදිහට කටයුතු කරනවා. රට ඒන්න එන්නම ප්‍රපාතයට යනවා. ගිනි පොළියට ණය ගන්නවා. රට බංකොලොත් කරනවා. අපිට පුළුවනි ණය ගෙවාගෙන රට ඉදිරියට අරගෙන යන්න. අපි කිව්වොත් ඒ දේ කරලා පෙන්නුවා. ”

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *