දේශිය ආදායම් මාර්ග විදෙස් රටවලට විකිණීමේ තැතක්-පුබුදු ජාගොඩ

පුල්මුඩේ ඛනිජ වැලි නිදියේ ඛනිජ වැලි අරාබි සමාගමකට විකිණීම සඳහා කැබිනට් පත්‍රයක් සකස් කරමින් පවතින. බව පෙරටුගාමි සමාජවාදී පක්ෂය පවසයි.

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසන්නේ දේශිය ආදායම් මාර්ග විදෙස් රටවලට විකිණීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.

කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පුබුදු ජාගොඩ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ අක්කර 25,000ක් මේ වන විට එළිකර ඇති බවට චන්ද්‍රිකා ඡායාරූප මඟින් තහවුරු වී ඇති බව පුබුදු ජාගොඩ මහතා සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *