මෙත්සිරි සෙවණ ජනපති අතින් ජනතා අද අයිතියට

අනුරාධපුර මහ රෝහලට අනුබද්ධව ඉදිකරන ලද “ මෙත්සිරි සෙවණ“ වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා. පර්යේෂණ මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් අද(20) දිනයේ විවෘත කිරීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව ඉදිකරණ ලද මෙම පර්යේෂණ මධ්‍යස්ථානය සදහා ජාතික වකුගඩු අරමුදලෙන් රුපියල් මිලියන 437ක මුල්‍ය ප්‍රතිපාදන ලබාදි ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සමයේ තම ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ලද අරමුදල් උපයෝගි කර ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම ජාතික වකුගඩු රෝග අරමුදල ස්ථාපිත කෙරුණු බව එම මාධ්‍ය අංශය සඳහන් කළේය.

එම අරමුදල මේ වන විට දෙස් විදෙස් දානපතියන්ගේ ආධාර මත ශක්තිමත් අරමුදලක් බවට පත්ව ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම අරමුදල මඟින් වකුගඩු රෝගීන්ගේ සුබසාධන කටයුතු, රෝගී ප්‍රතිකාර සඳහා අවශ්‍ය යටිල පහසුකම් සම්පාදනය, වකුගඩු රෝග නිවාරණය සහ රෝග මූලය හදුනාගැනීම සම්බන්ධව සිදු කෙරෙන පර්යේෂණ සඳහා දායකත්වය දැක්වීම ඇතුළු ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වන බව සඳහන්ය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *