රත්ගම සිද්ධියට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනේ

ගාල්ල රත්ගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 7දෙනෙකු සහ අඩවි වනනිලධාරියෙකු මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.

උපපොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක්, පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක්, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් සහ පොලිස් කොස්තාපල් රියැදුරෙක් අත්අඩංගුවට ගත් පිරිස අතර වෙති.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *