හෙරොයින් තොගයක් සමඟ බුම්මාගේ ගෝලයෝ දෙදෙනක් අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 16ක් අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ජාඇල, වැලිගම්පිටිය ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයින් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අදාළ මෝටර් රථයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1ක් සොයා ගත් අතර පසුව අදාළ සැකකරුවන් කුලී පදනම මත ලබාගත් ජාඇල දකුණ නිවන්දන ප්‍රදේශයේ නිවසක තිබී තවත් හෙරොයින් කිලෝග්‍රෑම් 15ක්, අයිස් කිලෝග්‍රෑම් 4ක්, හෂීස් කිලෝග්‍රෑම් 5ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ක් සොයාගෙන තිබේ.

එමෙන්ම අදාළ නිවසේ රිවෝල්වර් 04ක්, අත් විලංගු 02 ක් මෙන්ම ව්‍යාජ වාහන අංක තහඩු 15 ක් සහ ජීව උණඩ තොගයක් ද සොයාගැනුණූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වත්තල, හේකිත්ත ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ බව වාර්තා වෙයි.

මෙම සැකකරුවන් බුම්බාගේ ගෝලයින් දෙදෙනෙකු බවද පොලීය පවසයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *