ජාතික සේවක සංගම් මූලස්ථානය ඉදිරිපිට ලංගම සේවකයෙක් ගිනි තබා ගනියි

පිටකෝට්ටේ පිහිටි ජාතික සේවක සංගම් මූලස්ථානය ඉදිරිපිටදී පුද්ගලයෙකු සිරුරට ගිනි තබා ගෙන තිබේ.

එම මූලස්ථානය ඉදිරිපිටදී පැවති විරෝධතාවක් අතරතුරදී ඔහු මෙලෙස ගිනි තබාගෙන ඇති බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අදාළ පුද්ගලයා ලංකා ගමනාගමන මණ්ඩලයට අනුයුක්තව සේවය කරන අයෙකු බව සඳහන්ය.

ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණු එම පුද්ගලයාගේ තත්ත්වය බරපතළ බවද පොලීසිය සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *