ලාංකික කතුන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

රත්රන් ජාවාරමක නිරත වු ශ්‍රි ලාංකික කාන්තාවන් දෙදෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සිංගප්පූරුවේ සිට නීති විරෝධිව රත්රන් තොගයක් රැගෙන ආ අදාළ කාන්තාවන් දෙදෙනා පූනේ ගුවන් තොටුපළේදි අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඔවුන් සතුව තිබී ග්‍රැම් 900කට අධික බරින් යුතු රන් බිස්කට් රන් මාල සහ වළලු තොගයක් රේගු නිලධාරීන් භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 30කට අධික බවයි වාර්තා වන්නේ.

අදාළ ශ්‍රි ලාංකික කාන්තාවන් දෙදෙනා සම්බන්ධයෙන් ඉන්දීය රේගු නිළධාරීන් වැඩිදුරටත් විමර්ශන සිදුකරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *