ලංකාව සිව්වැනි තරගයත් පරදී

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පොර්ට් එළිසබෙත් නුවරදී පැවැති සිව්වැනි එක්දින අන්තර්ජාතික තරගයේදී කඩුලු 6 ක ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 39.2 කදී ලකුණු 189 කට දැවී ගියේය. දකුණු අප්‍රිකානුවෝ ඕවර 32.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 190 ක් ලබාගත්හ.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායම එක දිගට පරාජය වූ හත්වැනි එක්දින තරගයයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *