ත්‍රිරෝද රථයකට බද්ද රු 480000ට වැඩියි – ත්‍රිරෝද රථ සංගමය

ත්‍රිරෝද රථයක මිල මේ වනවිට රුපියල් ලක්‍ෂ අටකට අධික බවත්, එම මුදලින් රුපියල් හාරලක්‍ෂ අසූදහසක් රජය බදු වශයෙන් අයකර ගන්නා බවත් ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමය සඳහන් කරයි.

ත්‍රි‘රෝද රථ හිමියන්ට සහන ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සන්දේශයක් පවා භාරදී තිබියදී මෙවර අයවැය තුළින් රුපියල් හැටදහසක බද්දක් අලුතින් එකතු කර ඇති බවත්, ඒ හේතුවෙන් ත්‍රි‘රෝද රථයකට අයකරන බදු ප්‍රමාණය ඉහළ ගිය බවත් එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා සඳහන් කළේය.

දුප්පතාගේ වාහනය හා දුප්පතාගේ ප්‍රවාහන සේවය ලෙස සැලකෙනුයේ ත්‍රි‘රෝද රථය බවත්, එහෙත් පාලකයන් අකාරුණික ආකාරයට කටයුතු කළ බවත් හෙතෙම පවසා සිටියේය.

මෙරට සමස්ත ක්‍රියාවලියම ඉන්ධන මත රඳා පවතින බැවින් ඉන්ධන මිල සූත්‍රය ඉවත් කර, සාමාන්‍ය පරිදි ජීවත් වීමට ජනතාවට අවස්ථාව ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පසුගියදා ලිඛිතව ඉල්ලා සිටි බවත්, එම ඉල්ලීම මුදල් අමාත්‍යාංශයට යොමුකළ බවට ජනාධිපති කාර්යාලය දැන්වූ බවත් සභාපතිවරයා පැවසීය.

එම ඉල්ලීම් සියල්ල ඉවත දමා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින්, ඔටෝ ඩීසල් මිල රුපියලකින් හා සුපර් ඩීසල් මිල රුපියල් 08කින් ඉහළ දැමූ බවද ඒ මහතා සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *