අල්ලස් ගත් විදුහල්පතිට වැඩ වරදී

මාතර, දෙයියන්දර ජාතික පාසලට දරුවෙක් ඇතුලත් කර ගැනිමට රුපියල් අටදහසක අල්ලස් මුදලක් ලබාගත් එම පාසලේ විදුහල්පතිවරයා ඊයේ (12) දහවල් අත්අඩංගුවට ගත් බව අල්ලස් හා දුෂණ විමර්ශන ඒකකය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත් වුයේ වල්ගමවිදානගමගේ අමරසේන (46) නමැත්තෙකි.

දෙයියදර ජාතික පාසලට දරුවෙක් ඇතුලත් කර ගැනිමට රු 15,000 ක මුදලක් මෙම විදුහල්පතිවරයා දරුවාගේ මවගෙන් ඉල්ලා ඇති අතර එම මුදලෙන් රු 7,000ක් මිට පෙර විදුහල්පතිවරයා වෙත ලබාදි තිබේ.

මේ සම්බන්ධව එම දෙමාපියන් විසින් අල්ලස් හා දුෂණ විමර්ශන එකකය දැනුවත් කිරිමෙන් පසුව ඔවුන්ගේ අනුදැනුම මත ඉතිරි රු 8000ක මුදල දරුවාගේ මව විසින් විදුහලේදි විදුහල්පතිවරයාට ලබාදෙන අවස්ථාවේදිම කි‍්‍රයාත්මක වු අල්ලස් හා දුෂණ විමර්ශන එකකයේ නිලධාරින් විදුහල්පතිවරයා අත්අඩංගුවට ගනු ලැබිය.

මේ සම්බන්ධව දෙමාපියන් පවසා සිටියේ කලක සිටන් මෙම විද්‍යාලයට දරුවන් ඇතුලත්කර ගැනිමේදි ගැටලූවක් තිබු බවත් එයට එරෙහිව විරෝධතාවයක් පැවැත්විමට කටයුතු සංවිධානය වුවද විදුහලපතිවරයා එයට මැදිහත්ව දරුවන් පාසලට ඇතුලත්කර ගන්න බව පවසමින් එය ව්‍යර්ථ කොට තිබු බවයි.

කෙසේ නමුදු අත්අඩංගුවට පත් සැකකාර විදුහල්පතිවරයා මාතර, කඹුරුපිටිය පොලීසිය වෙත රැගෙනවිත් වෙනම ස්ථානයක ඊයේ (12) රාති‍්‍රය වනතෙක්ම ප‍්‍රකාශයක් සටහන් කරගැනිම සිදුවු අතර පසුව මාතර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරිමටද නියමිතව තිබුණි .

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *