පොලිස් නිලධාරියෙක් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අතර ගුටිබැට හුවමාරුවක්

පොලිස් නිලධාරියෙකු විසින් කරන ලද පහර දීමක් හේතුවෙන් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් වී ඇත.

ඊයේ (11) සවස මාරවිල නගරයේදී මෙම පහර දීම සිදුවී තිබේ.

පහර කෑමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාත්තන්ඩිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී සිසිල් වික්‍රමසිංහ මහතාය.

ඒ මහතා කලක් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත.

මාරවිල නගරයේ පිහිටි වෙළඳ සැළක් ඉදිරිපිට මෝටර් රථයක් ගාල් කිරීමේ සිද්ධියක් පහර දීමට හේතුව වී ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

මුලින්ම දෙදෙනා අතර බහින් බස් වීමක් ඇති වී ඇති බවත්,අනතුරුව පහර දීම සිදු කර ඇති බවත් විමර්ශණ වලදී හෙලිවී තිබේ.

පහර දීම සිදු කර ඇති පොලිස් කොස්තාපල්වරයා මාරවිල පොලීසියට අනුයුක්තව එහි රථ වාහන අංශයේ රාජකාරි කටයුතු සිදු කරමින් සිට ඇත.

එම නිලධාරියා දින කීපයක සිට නොදන්වා රාජකාරියට වාර්තා කර නොමැති බව මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී මාරවිල පොලීසියේ උසස් නිලධාරියෙකු පැවසු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

පහර කෑමට ලක්ව ඇති මන්ත්‍රීවරයාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *