කේරල ගංජා කිලෝ 24ක් සමඟ 5ක් අත්අඩංගුවට

කේරල ගංජා කිලෝ ග්‍රෑම් 24 ක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු කළුතර කොට්ඨාශයේ නීතිය බල ගැන්වීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(10) දහවල් මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී අළුත්ගම පොලිස් වසමේ දර්ගා නගරයේ හා අළුත්ගම නගරයේ දී මෙම පුද්ගලයින් අත්අඩංගුවට පත්ව තිබේ.

මොවුන් වැඩිදුර විමර්ශන සඳහා අළුත්ගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ති‍බේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 23 ,32, 35,38 හා 47 යන වයස්වල පසුවෙයි.

මොවුන් කළුතර දකුණ හා දර්ගානග‍රයේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් අද(11) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අළුත්ගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *