අද ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ විදෙස් රටවල සහ ඩයස්පෝරාවේ අවශ්‍යතා අනුව-මහින්ද

වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක වන්නේ විදෙස් රටවල සහ ඩයස්පෝරාවේ අවශ්‍යතා අනුව බවට විපක්ෂ නායක. මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කර සිටියි.

රට රැකදුන් රණවිරුවන් දඬුවම් විදිමින් සිටින අතර ත්‍රස්තවාදීන් නිදැල්ලේ පසුවන බව ඔහු විසින් සඳහන් කර සිටියේය.

අද (09) පෙරවරුවේ මහින්ද රාජපක්ෂ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණ ආගමික වතාවත් වල නිරත වී ආශීර්වාද ලබා ගනු ලැබීය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *