පොහොට්ටුව සමග සන්ධානයක් පිහිටුවීමේ උත්සාහය අතහැර නෑ – ශ්‍රීලනිපය

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග නව සන්ධානයක් පිහිටුවීමේ උත්සාහය අත්හැර නොමැති බව. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර පවසනවා.

නව සන්ධානය ගොඩනැගීම සම්බන්ධයෙන් මීළග සාකච්ඡා වටය එළඹෙන 14 වනදා පැවැත්වීමට නියමිත බව මහලේකම්වරයා කියාසිටියා. කෙසේවෙතත් දෙපාර්ශවය අතර නව සන්ධානයක් වෙනුවෙන් පැවති සාකච්ඡා අසාර්ථකවී ඇති බවට වාර්තා පළ වුණා. ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ මහනුවරදී පැවැත්වූ ‘ඉවසුවා ඇති’ රැළියටද
ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහභාගි වූයේ නැහැ.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක පැවසුවේ නව සන්ධානය ගොඩනැගීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු හේතුවෙන් එය විසදා ගන්නා තුරු ‘ඉවසුවා ඇති’ ජනරැළි මාලාවට සහභාගි නොවීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර ඇති බවයි.

මේ අතර මෙවර අයවැය යෝජනා සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරුන් දැනුවත් කරන වැඩමුළුවක් විපක්‍ෂ නායක කාර්යාලය මගින් සංවිධාන කර තිබෙනවා. එය පැවැත්වීමට නියමිතව ඇත්තේ හෙට දිනයේදීයි. ඒ සදහා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් ඇරයුම් කර ඇතත් එම වැඩමුළුවට සහභාගී නොවීමට ඔවුන් තීරණය කර ඇති බවයි වාර්තා වුණේ. මාධ්‍ය කළ විමසීමකදී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර පැවසුවේ හෙට පැවැත්වෙන වැඩමුළුවට සහභාගි නොවන බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *