හවසට තැන් කීපයකට වැසි

අද (09) දින බස්නාහිර හා සබරගමු පළාත්වලත් ගාල්ල මාතර සහ පුත්තලම දිස්ත්‍රික්ක වලත් ස්ථාන කිහිපයක සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනු ලබයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි නොමැති ස්වභාවයක් දක්නට ලැබෙන බව වාර්තා වෙයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද වාර්තා වෙයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *