ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 16ක් ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් ප්‍රදේශයේදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇත.

එම ප්‍රදේශයේ පිහිටි ඉදිකිරීමේ ආයතනයක් ආසන්නයේදී කිසියම් නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාල ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැත.

ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් දෙදෙනා ද එරට ආරක්ෂක අංශ සිදුකළ ප්‍රහාරවලින් මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *