ඇල්බාමාහි ටෝනෙඩෝවකින් 23ක් ජීවිතක්ෂයට

ඇල්බාමාහි ටෝනෙඩෝවකින් 23ක් ජීවිතක්ෂයට

අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයට බලපෑ ටොනෙඩෝවකින් ළමුන්ද ඇතුළුව 23 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වෙයි.

ඉන් නිවාස ඇතුළු දේපළ රැසක්ද විනාශ වී ඇති අතර කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් තුළ සිරවී සිටින පුද්ගලයින් සොයා සෝදිසි මෙහෙයුසක් ක්‍රියාත්මකය.

ටොනෙඩෝවත් සමඟ ප්‍රදේශයේ උෂ්ණත්වයද සීඝ්‍රයෙන් පහළ බැස ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ෆ්‍රෙයා සුළි කුණාටුව මේ වන විට පැයට සැතපුම් 80ක වේගයෙන් එක්සත් රාජධානිය හරහා හමා යමින් තිබේ.

ඒ සමඟ ප්‍රදේශ රැසකට ධාරාණිපාත වැසි ඇදහැලෙමින් පවතින අතර ගුවන් ගමන් ඇතුළු ප්‍රවාහන සේවා ඇණහිට ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *