පකිස්තාන අත්අඩංගුවේ සිටි ඉන්දීය ගුවන් නියමුවා යළි සිට රටට

පකිස්තාන අත් අඩංගුවේ සිටි ඉන්දීය ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන් ඊයේ (01) නැවත ඉන්දියාව වෙත භාර දෙනු ලැබුවේය.

පංජාබයේ, වගා ප්‍රදේශයේ ඉන්දු පකිස්තාන දේශසීමාවෙන් ගුවන් නියමු අභිනන්දන් මව් රටට පැමිණියේ දෙරටටම සාමය පිළිබඳ බලාපොරොත්තු ඇති කරමින්.

පසුගිය අඟහරුවාදා කාශ්මීර ප්‍රදේශයේදී ඉන්දීය ගුවන් හමුදාවට අයත් ජෙට් යානා දෙකකට පාකිස්ථානය වෙඩි ප්‍රහාර එල්ල කිරිමත් සමග එක් යානයක් පාකිස්ථාන පාලන ප්‍රදේශයට හා අනෙක් යානය ඉන්දිය පාලන ප්‍රදේශයට කඩා වැටුණේය.

එහිදී පාකිස්ථාන ප්‍රදේශයට කඩා වැටුණු ‘MiG21’ වර්ගයේ ඉන්දියානු ප්‍රහාරක ගුවන් යානයේ සිටි ගුවන් නියමුවෙකු පාකිස්ථාන ආරක්ෂක අංශ විසින් තම භාරයට ගනු ලැබුවේය.

දෙරට අතර ඇතිවු යුද ගැටුම සමනය කරනු වස් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඊයේ (28) සිය පාර්ලිමේන්තුව අමතමින් දෙරට අතර “සාමය සඳහා වූ පියවරක්” ලෙස ඉන්දීය ගුවන් නියමුවා නැවත ඉන්දියාව වෙත භාර දෙන බව ප්‍රකාශ කරනු ලැබුවාය.

ඒ අනුව ඉන්දීය ගුවන් නියමුවා නිදහස්වීම දැක ගැනීම සඳහා ඔහුගේ දෙමව්පියන්ද අද උදෑසන චෙන්නායි සිට දිල්ලි නුවර දක්වා පැමිණ සිටියේය.

ඉන්දීයාවේ සමාජ මාධ්‍ය තුළ වීරයෙකු බවට පත්වු ඉන්දීය ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන් නමැති ගුවන් නියමුවා පංජාබයේ, වගා හී පිහිටි ඉන්දීය පාකිස්ථාන දේශසීමාව අසළදී අද පස්වරු 3 ට පමණ භාරදීමට නියමිත වුවත් මේ දක්වා ඔහු ඉන්දියාව වෙත භාරදී නැත.

ඔහු භාර දෙන අවස්ථාව දැක බලාගැනීම සඳහා මේ වන විටත් විශාල ජනකායක් ඉන්දීය දේශසීමාව අසල රැදි සිටියි.

මේ අතර ඉන්දීය හා පාකිස්ථාන ගැටුම හේතුවෙන් සිව්වන දිනටත් පාකිස්ථාන ගුවන් කලාපය වසා දමා ඇති අතර මේ හේතුවෙන් දෛනිකව ගුවන් ගමන් වාර 400 කට වැඩි සංඛ්‍යාවකට මින් බලපෑම් එල්ලවී තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *