ඩුබායි යන්න ගිය ශ්‍රී ලංකන් ගුවන් යානය කුරුල්ලන් නිසා යළි දිවයිනට

ඩුබායි බලා ගමන් කල ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල් 225 දරණ ගුවන් යානය යළි කටුනායක ගුවන්තොටුපල වෙත ගොඩ බස්වා තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ඒ 330 – 200 එයාර් බස් වර්ගයේ අදාල ගුවන් යානය ඊයේ(26) පස්වරු 06.35ට කටුනායක ගුවන්තොටුපලෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි.

නැවත එම ගුවන් යානය හදිසියේ කටුනායක ගුවන් තොටුපල වෙත ගොඩබස්වා ඇති බව සඳහන් වෙයි.

ඉන්දීය ගුවන් සීමාවේදී කුරුල්ලන් ගැටීම හේතුවෙන් එම ගුවන් යානය යළි කටුනායක ගුවන්තොටුපල වෙත ගොඩ බැස්සූ බව ගුවන් තොටුපල ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

අනතුරුව එම ගුවන් යානයේ මගීන් යූ එල් 225 දරණ අංකයම සහිත වෙනත් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත් කර යැවූ බව එම ප්‍රකාශකයා පැවසුවේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *