මත්ස්‍ය ආනයනය සිමා කිරිමට යයි

ධිවර ජනතාවගේ තවත් ඉල්ලීමක් ඉටුකරමින් මත්ස්‍ය ආනයනය සිමා කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා තීරණය කර ඇත .

රාජ්‍ය අමාත්‍යතුමා අවධාරණය කළේ දේශීය ධීවරයා සහ ධිවර කර්මාන්තය සුරක්‍ෂිත කිරීමේ අරමුණින් මෙවැනි තීරණයක් ගැනීමට සිදු වන බවය .

ඒ අනුව මත්ස්‍ය අස්වැන්න ඉහල තත්වයක පවතින සැප්තැම්බර් මස සිට දෙසැම්බර් මස දක්වා මෙම ආනයන සිමා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ .

රාජ්‍ය අමාත්‍යතුමා හමුවූ ධිවර සංගම් නියෝජිතයින් ඇතුළු ධිවර කර්මාන්තයේ නිරත විවිධ පිරිස් අවස්ථා ගණනාවකදීම පෙන්වා දී තිබුනේ විශාල වශයෙන් මත්ස්‍ය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අසීමිත ලෙස ආනයනය කිරීම හේතුවෙන් දේශීය ධීවරයා ගැටලු රැසකට මුහුණ දී සිටින බවය .

ප්‍රති අපනයන සහ විවිධ නිෂ්පාදන සඳහා යැයි පවසමින් විශාල වශයෙන් වාර්ෂිකව ලංකාවට මත්ස්‍ය තොග ආනයනය කරන බවත් , ප්‍රතිඅපනයනය හා අගය එකතු කල නිෂ්පාදන කටයුතු සඳහා යැයි පවසා ගෙන්වන එම මත්ස්‍ය තොග දේශීය වෙළඳපලේ අලෙවි කරන බවටත් පෙන්වා දුන් ඔවුහු මේ නිසා ධිවර ජනතාව පත්ව සිටින තත්ත්වය පිළිබඳව දීර්ඝ ලෙස කරුණු දැක්වුහ .

ධිවර දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව 2018 වසරේ ආනයනය කර ඇති ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 84,463 ක් . ඒ සඳහා රුපියල් මිලියන 32,726 ක මුදලක් වැය කර ඇත .

කරවල , හාල් මැස්සන් , උබල කඩ , ටින් මාළු සහ සජීවී මසුන් [ විසිතුරු මසුන් ] වර්ග මෙලෙස ආනයනය කර තිබේ .

මේ සා විශාල මුදලක් විදේශයන් වෙත ගලා යාම බරපතල තත්ත්වයක් බවත් , දේශීය ධීවරයා රැකගැනීම සඳහා වැඩි මත්ස්‍ය අස්වැන්නක් නෙලාගැනීම සඳහා ධීවරයා සවිබල ගන්වා , අවශ්‍ය පහසුකම් ලබාදීම මගින් රටේ මත්ස්‍ය අවශ්‍යතාව සපුරාලීමට උපරිම දායකත්වයක් ලබාගැනීමට කටයුතු කිරීම මගින් විශාල මුදලක් රට තුල රදවාගැනීමට හැකිවනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *