සිමෙන්ති මිලත් ඉහළ දැමීමට පියවර?

වෙළෙඳපල තුළ සිමෙන්ති මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

සිමෙන්ති අලෙවිකරුවන් සඳහන් කළේ පසුගිය සිකුරාදා දිනයේ සිට මෙලෙස සිමෙන්ති මිල ඉහළ දමා ඇති බවයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 50ක බරින් යුත් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100ත් 105ත් අතර මිලකින් ඉහළ දමා තිබේ.

ලෝක වෙළෙඳපලේ සිමෙන්ති මිළ ගනන් ඉහළ යාම සහ රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් මිල ඉහළ නංවන ලෙස සිමෙන්ති නිෂ්පාදන සමාගම් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව සිකුරාදා දිනයේ සිට සිමෙන්ති නිෂ්පාදන සමාගම් දෙකක් සඳහා මිල ඉහළ දැමීමට අවසර ලබා දී ඇති බව වාර්තා වෙයි.

සිමෙන්ති මිල ඉහළ දැමීම පිළිබඳ අද දෙරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විමසීමක් කිරීමේදී
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ මිල වැඩිවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *