ඇෆ්ගනිස්ථානයේ සිදුවු බෝම්බ පිපිරීමකින් 3ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ ගස්නි ප්‍රාන්තයේ සිදුවු බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

පිපිරීමෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ ප්‍රහාරය තලෙයිබාන් සටන්කාමීන් විසින් සිදු කරන්නට ඇති බවට ඇෆ්ගන් ආරක්ෂක අංශ සැක පළ කරයි.

කෙසේවෙතත් බෝම්බ ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැත.

එසේම ඇෆ්ගන් ආරක්ෂක අංශ විසින් ගස්නි ප්‍රාන්තයේ තලෙයිබාන් සාමාජිකයින් වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් 10 දෙනෙකු මියගොස් තිබේ.

ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරයෙන් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *