සවස 2න් පසු වැසි

අද(17) දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව ඉහල මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද සිහින් වැසි ඇතිවිය හැක.

බස්නාහිර, සබරමුව, ඌව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ප්‍රබල අකුණු තත්ත්වයන්ද ඇතිවිය හැකිය.

සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාලකාලිකල තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බනේ වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන විශේෂයෙන් සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළඟේ වේගය පැ.කි.මී. 15-30 පමණ වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාලකාලිකව රළු විය හැක.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *