නව නායකත්වයක් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම අද තරග බිමට

රී ලංකා ක‍්‍රිකට් පිලේ දකුණු අප‍්‍රිකානු තරග සංචාරය ආරම්භ කරමින් ටෙස්ට් ක‍්‍රිකට් තරගය අද (13) ආරම්භ වනවා.

ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට සහභාගී වන්නේ දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන්. නිරෝෂන් දික්වැල්ල උපනායකයා වනවා. නවක ක‍්‍රීඩකයින් කිහිප දෙනෙකුම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ මෙම සංචාරයට ඇතුළත්.

ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර මේ වනවිට ටෙස්ට් ක‍්‍රිකට් තරග 27ක් පවත්වා තිබෙනවා. ඒවායෙන් 14ක්ම ජයගෙන ඇත්තේ දකුණු අප‍්‍රිකාවයි.

ශ‍්‍රී ලංකාව තරග 07ක් ජයගෙන තිබෙනවා. තරග 06ක් අවසන් වී ඇත්තේ ජය පරාජයෙන් තොරවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *