මධුෂ් මාකඳුරෙන් කඹුරුපිටියට

මෙරට පාතාලයේ ප්‍රබලයා ලෙස හැඳින්වෙන මාකඳුරේ මධුෂ් නැමැත්තා පදිංචිව සිට ඇත්තේ මාකඳුරේ නොවන. බවත් මධුෂ්ගේ ගම කඹුරුපිටිය නැමති ග්‍රාමය බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

අද(12) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර මධුෂ් නැමති පුද්ගලයා කිසි විටෙක ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුතනුවන්ගේ විවාහා මංගල උත්සවය සඳහා සභාගී නොවූ බවත් නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා විසින් පසුගිය දිනවල සිදු කළ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව ඒ මහතා පැවසීය.

එමෙන්ම ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත්‍රයෙකුට රාජතාන්ත්‍රික ගුවන් බලපත්‍රය ඇති බවට පසුගිය දා කළ ප්‍රකාශයද සියල්ල ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *