චම්පික සහ තානාපතිවරුන් අතර විශේෂ හමුවක්

මහානගර ඇමති චම්පික රණවක මහතා සහ තානාපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් වෝටර්ස් ඒජ්. හෝටලයේදී පැවැත්විණි.

එම අවස්ථාවට එංගලන්ත, ජපාන, කැනේඩියානු, දකුණු අප‍්‍රිකානු, තායිලන්ත, ඉතාලි, ස්විස්ටර්ලන්ත සහ නෙදර්ලන්ත තානාපතිවරුන් එක්විය.

මෙහිදී අමාත්‍ය චම්පික රණවක මහතා විසින් මහානගර අමාත්‍යාංශය මගින් කි‍්‍රයාත්මක කරන මහානගර ව්‍යාපෘතින් හි ප‍්‍රගතිය පිළිබඳව සහ ඉදිරියේ ඇති ආයෝජන අවස්ථා පිළිබඳව තානාපතිවරුන් දැනුවත් කළේය.

එහිදී තානාපතිවරුන් විසින් මහානගර ව්‍යාපෘතියේ ප‍්‍රගතිය පිළිබඳව සිය ප‍්‍රසාදය එහිදී අමාත්‍යවරයා වෙත පලකළ සිටියේ ය.

ජපන් ආධාර මත කඩුවෙල සිට කොළඹ කොටුව දක්වා කි‍්‍රයාත්මක කරන සැහැල්ලූ දුම්රිය සේවා ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම පිළිබඳව ඇමති චම්පික රණවක මහතා සහ ජපාන තානාපති අකිරා සුගයාමා මහතා අතර තොරතුරු හුවමාරු විය.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය සඳහා ජපානයේ ජයිකා ආයතනයෙන් ඩොලර් මිලියන 1,850 ක මුදල සියයට දශම එකේ සහන පොලියට ලබාදීම පිළිබඳව තම ස්තූතිය ජපන් රජයට පිරිනමන බවයි.

මෙම හමුවෙන් අනතුරුව තානාපතිවරුන් විසින් ඇමති චම්පිකගේ සංකල්පයකට අනුව වෝටර්ස් ඒජ් හෝටලයේ නිර්මාණය වී ඇති ෆිෆ්ටි කේ ඕකිඞ් අවහන්හලේ එළිමහන් අසිරිය දැක ගැනීමට ද එක් විය.

තානාපතිවරුන් විසින් එය නැරඹීමෙන් අනතුරුව එම ස්ථානය නිර්මාණය කිරීම වෙනුවෙන් ඇමති චම්පිකට ඔවුනගේ ප‍්‍රසාදය පළ කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *