ජනවාරිය අවසන් වනවිට අල්ලපු හෙරොයින් තොගය කිලෝ 113 ඉක්මවයි

මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට පෙබරවාරි මස 06 දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදි හෙරොයින් කිලෝග්‍රෑම් 113 යි ග්‍රෑම් 899 ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.

එම හෙරොයින් සමග සැකකරුවන් 4370 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

මේ අතර එම කාලය තුළදීම ගංජා කිලෝග්‍රෑම් 519 යි ග්‍රෑම් 830ක් ද මත්ද්‍රව්‍ය වැටලීම්වලදි සොයාගෙන ඇති බව සදහන්.

ඊට අදාළව සැකකරුවන් 4290 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, පොලිස් විශේෂ කාර්යය බලකාය, යුධ හමුදාව විසින් මෙම වැටලිම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *