අපේ ආණ්ඩුව මිනී මරන්නේ නෑ-හොරකම් තියෙන්න පුළුවන්

මෙරට සෞඛ්‍ය සේවය මේ වනවට සම්පූර්ණයෙන්ම නිදහස් සෞඛ්‍ය සේවයක් බවට පත්ව. ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මහියංගන මූලික රෝහලේ ඉදිකරීමට යෝජිත නව වාට්ටු සංකීර්ණයට මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

තමන් සෞඛ්‍ය අමාත්‍යාංශය භාර ගන්නා විට සෞඛ්‍ය සේවයේ මෙන්ම රෝහල් ක්ෂේත්‍රයේ ඉඩු පාඩුකම් බොහොමයක් තිබු බවත් මේ වන විට යුරෝපා සංගමයේ ආධාර යොදා ගනිමින් සියළුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සංවර්ධන කටයුතු සිදු කරන බවද අමාත්‍යවරයා පවසයි.

සියළුම ප්‍රදේශ ආවරණය වන පරිදි නවීන පහසුකම් ඇතිව රෝහල් ඉදිකිරිමෙන් කොළඹට පැමිණේන රෝගීන් අඩු කර ගත හැකි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙලෙස මුදල් යොදවමින් සංවර්ධන කටයුතු සිදු කිරිමේදි තමන්ට රජයෙන් හො කැබිනට් මණ්ඩලයෙන් බාධා ඇති නොවු බවද එම යහපාලනයේ ස්වභාවය බවද අමාත්‍යවරයා පවසයි.

වත්මන් ආණ්ඩුවේද අඩුපාඩුකම් තිබුනද පසුගිය ආණ්ඩුවට වඩා යහපත් ක්‍රම වේදයක් පවතින බව ද අමාත්‍යවරයා පවසයි.

එසේම වත්මන් ආණ්ඩුවේද සොරකම් සිදු වීමට හැකි වුවද මිනී මැරීම් සිදු නොවන බවත් යහපත් දේශපාලනමය ක්‍රමවේදයක් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *