කෙකේන් බොන කැබිනට් අමාත්‍යවරු ඉන්නවා – රන්ජන්

මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමේ පූර්ණ වගකීම පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන. නිලධාරී ලතීෆ් මහතාට හිමිවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.

ඊයේ (11දා) මහනුවර – කුරුණෑගල අධිවේගී මාර්ගයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් එහි ගෞරවය යා යුතු බවත් ඔහු පැවැසීය.

මධූෂ්ව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම වසර එක හමාරක කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ බවත් ඔහු පැවැසීය.

එසේම කෙකෙන් පානය කරන කැබිනට් අමාත්‍යවරු පවා සිටින බවත් ඔහු පැවැසීය.

මත්කුඩු ව්‍යාපාරිකයන් තමන්ට විරුද්ධව නඩු දමා ඇති බවත් මත්කුඩු වෙනුවෙන් පෙනී සිටින කලාකරුවන්ට සමග තමන් ගනුදෙනු නොකරන බවත් ඔහු පැවැසීය.

දේශපාලකයන් මධූෂ් සමග සම්බන්ධ බවත් ඔහු පැවැසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *