ජාතික ආණ්ඩුවක් ගේන්නේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳගන්න

ජාතික ආණ්ඩු යෝජනාව පරාජයට පත්වන බව එක්සත් ජාතික පක්ෂය දැනසිටිම හේතුවෙන් එය. පාර්ලිමේන්තවට ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඉදිරි දිනයකදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද අනිවාර්යයෙන්ම එය පරාජයට පත් කිරීමට කටයුතු කරන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජන හමුවකින් අනතුරුව මාධ්‍ය වේදින් නැගු ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් ඔහු මේ බව පැවසීය.

එක්සත් ජාතික පෙරමුණේ දැනටම සිටින පක්ෂයක් සමඟ නැවත් ජාතික ආණ්ඩුවක් සෑදීම විවාහ වි සිටින පුද්ගලයාව නැවතත් විවාහ කර ගැනීම වැනි බව ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

මෙලෙස ජාතික ආණ්ඩුවක් ගෙන එමට උත්සහ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ තිබෙන අභ්‍යන්තර අර්බුදකාරි තත්ත්වයන් නැති කර ගැනීමට බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *