දියේ ගිලී 14 හැවිරිදි පාසල් සිසුවා ජීවිතය හැරයයි

උඩපුස්සැල්ලාව පොලිස් වසමේ රුපහ ප්‍රදේශයේ දී දියේ ගිලී පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (11) සවස 3.45ට පමණ මෙය සිදුව ඇතැයි පොලීසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 14 ක් වු පන්සල අසල, රුපහ උඩපුස්සැල්ලාව ලිපිනයේ පදිංචි සමරකෝන් මුදියන්සේලාගේ පසිදු මධුරංග යන පාසල් සිසුවෙකි.

මිය ගිය දරුවා නිවස ආසන්නයේ ඇලක වැටී සිටිය බවට ‍ඔහුගේ සහෝදරයින් දෙදෙනෙකු දැක එය පියාට දැනුම් දීමෙන් පසු පියා විසින් දියේ ගිලී සිටි දරුවා ගොඩට ගෙන තිබේ.

පසුව රුපහ ප්‍රාථමික රෝහලට ඇතුළත් කිරීමේ දී දරුවා මිය‍ ගොස් ඇති බව තහවුරු වී තිබේ.

මියගිය දරුවා මීමැස්මොර රෝගයෙන් පෙළෙන බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය රෝහලට රැගෙන ගොස් තිබේ.

අද(12) දින පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

උඩපුස්සැල්ලාව පොලීසිය වැඩි දුර විමර්ශන පවත්වයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *