බම්බලපිටියේ වෙළඳසැලක හදිසි ගින්නක්

බම්බලපිටිය පොලිස් වසමේ, ගාලු පාර ආසන්නයේ පිහිටි පාවහන් වෙළඳසැලක හදිසි ගින්නක් හට ගෙන තිබේ.

ඊයේ(11) සවස 3.15 ට පමණ මෙම ගින්න හට ගෙන ඇත.

බම්බලපිටිය පොලීසියට ලද ‍තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වු පොලිස් නිලධාරීන්, කොළඹ මහ නගර සභාවේ ගිනි නිවිමේ ඒකකය හා විදුලි නඩත්තු ‍ඒකකය මෙන්ම ප්‍රදේශවාසීන් එක්ව ගින්න සම්පූර්ණයෙන් පාලනය කර තිබේ.

ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැත.

ගින්නෙන් සිදුව ඇති අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.

ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

බම්බලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *