යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්-වෑන් රථයක් ගින්නෙන් විනාශයි

යාපනය-නල්ලූර්-නායර්මාකන්ඩු ප්‍රදේශයේ නිවසකට ඊයේ (11) සවස කිසියම් පිරිසක් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසයි.

යාපනය ආරක්ෂක අංශ පැවසූවේ මුහුණු ආවරණය කරගෙන පැමිණි කණ්ඩායමක් අදාළ නිවස වෙත පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට ඇති බවයි.

ප්‍රහාරයෙන් නිවසේ නවතා තිබු වෑන් රථයක් සම්පූර්ණයෙන් ගිනිගෙන ඇති අතර,නිවස ඉදිරිපස නවතා තිබු යතුරුපැදි තුනකට හා නිවසේ ජනෙල්ද කැඩී ගොස් ඇති බව ආරක්ෂක අංශ පැවසූහ.

ආරක්ෂක අංශ පැවසූවේ නිවසේ ගේට්ටු වසා තිබු අවස්ථාවක නිවසේ තාප්පයෙන් එපිට සිට ප්‍රහාරය සිදුකොට ඇති බවට අනාවරණය වී ඇති බවයි.

සිද්ධියෙන් පුද්ගලයින්ට හානියක් සිදුව නොමැති අතර නිවසේ වාහන හා දේපළ වෙනුවෙන් හානි සිදුව ඇති බවද ආරක්ෂක අංශ පැවසූහ.

පසුගිය සමයේ යාපනය නල්ලූර්,කෝපායි ඇතුළු ප්‍රදේශ රැසක ‍මෙලෙස පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාර එල්ල වි ඇති බවද ආරක්ෂක අංශ සදහන් කරති.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *