ධීවර ක්‍ෂේත්‍රය නගාසිටුවීමට ප්‍රවීණයන්ගේ කමිටුවක්

ධිවර ජනතාව අද පත්ව සිටින තත්ත්වය සම්බන්ධයෙන් විශාල දුකක් කණගාටුවක් ඇති වන බව ධිවර. හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

ක්‍ෂේත්‍රයේ පවතින ගැටළු විසදා ධිවර කර්මාන්තය නගාසිටුවීම සදහා ක්‍ෂේත්‍රය පිළිබද හසල දැනුමක් සහ අත්දැකීම් සහිත ප්‍රවීනයන්ගෙන් සමන්විත කම්ටුවක් මගින් යෝජනා හා අදහස් ලබාගෙන ධිවර කර්මාන්තය මෙරට තෙවන වැඩිම විදේශ විනිමය උපයන කර්මාන්තය බවට පත් කරන බව ද අමාත්‍යවරයා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික ධිවර සමුපකාර සංවිධානයේ මිගමුව ප්‍රධාන කාර්යාලයේදී පැවති රැස්වීමේදීය.

ධිවර සමුපකාර ව්‍යාපාරයේ වත්මන් තත්වය සහ පවතින ගැටළු පිළිබද මෙහිදී සාකච්ජා කෙරිණ.

ජාතික ධිවර සමුපකාර සංවිධාන මුලස්ථානය වෙත ධිවර අමාත්‍යවරයෙකු පැමිණියේ වසර 20 කට පමණ පසු බව එහි සිටි ධිවර ජනතාව පවසා ඇත.

මෙහිදී රැස්ව සිටි ධිවර සමුපකාර සංවිධානයේ නිලධාරීන් සහ නියෝජිතයින් හමුවේ අදහස් දැක් වූ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා
(“ ඔබලාගේ සියළු ගැටළු දුක්ගැනවිලි වලට සවන් දුන්නා . සවන් දුන්නා විතරක් නෙමෙයි ඒ සියළු ගැටළු විසදීමට මැදිහත් වෙනවා . මම 1977 වසරේ මාදැල් ධිවර සමුපකාර සමිතියේ කළමණාකාර වරයා ලෙස කටයුතු කළා .

මම එහිදී මේ සමුපකාර ව්‍යාපාරය පිළිබද විශාල අත්දැකීම් ලබපු කෙනෙක් . ධිවර ජනතාවට මේ සමුපකාර ව්‍යාපාරය මගින් මොනතරම් සේවයක් සලසන්න පුළුවන්ද කියලා මම අත්දැකීමෙන් දන්නවා .

ජෝශප් මයිකල් පෙරේරා මැතිතුමා තමයි ධිවර සමුපකාර සමිති රට වටා ආරම්භ කිරීමට කටයුතු කලේ .එකල ධිවර ක්‍ෂේත්‍රයේ විශාල ප්‍රබෝධයක් ඇති වුනා . නමුත් කියන්න කණගාටුයි අද ඒ යුගය නැහැ .

මම ධිවර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වසර තුනහමාරක කාලයක් කටයුතු කළා .නමුත් අපි පිහිටවපු යහපාලන රජය අවසන් කරලා එක්සත් ජාතික පක්‍ෂයේ තනි ආණ්ඩුවක් පිහිටවීමෙන් පස්සේ තමයි වැඩක් කරන්න අවස්ථාව ලැබුනේ . ”) යනුවෙන් පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *