රාජ්‍ය මාධ්‍ය අධ්‍යයනයට ජනමාධ්‍ය ඇමතිගෙන් කමිටුවක්

රාජ්‍ය මාධ්‍ය ආයතන සැබෑ මහජන සේවා මාධ්‍ය බවට පත් කිරීමේ අරමුණින් ඒවායේ ක්‍රියාකාරීත්වය. අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පියවර ගෙන ඇතැයි එම අමාත්‍යාංශය නිවේදනයකින් පවසයි.

යුනෙස්කෝ ආයතනයේ සන්නිවේදන සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර වැඩසටහනේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ විජයානන්ද ජයවීර මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ කමිටු සාමාජිකයන් ලෙස මහාචාර්ය ජයදේව උයන්ගොඩ, කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ සභාපති ආචාර්ය ප්‍රදීප් වීරසිංහ, සන්නිවේදන උපදේශක නාලක ගුණවර්ධන, රංගන ශිල්පිනී – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය කෞශල්‍යා ප්‍රනාන්දු, වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂිකා අනෝමා රාජකරැණා, නීතිඥ සුධර්ශන ගුණවර්ධන යන මහත්ම මහත්මීහු පත්ව සිටිති.

මෙහිදී විශේෂයෙන්ම මාධ්‍ය භාවිතය සහ ඒවායේ ස්වාධීනත්වය පිළිබඳව සැලකීමේදී පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමට පෙර, රාජ්‍ය මාධ්‍ය ස්වාධීන සැබෑ මහජන සේවා මාධ්‍ය ආයතන බවට පත්විය යුතුය යන්න මාධ්‍ය ප්‍රවීණයන්ගේ අදහස වී ඇති බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *