අගමැති එජාපයේ ඉන්න හිතුවක්කාරයින් රවට්ටන හැටි ඉසුර කියයි

පාර්ලිමේන්තුව තුළ ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ පහසුකම් එක්සත් ජාතික පක්ෂය සතු නොවන බව. බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

කොට්ටාව , ඇරැව්වල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමින් ප්‍රධාන අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

ජාතික ආණ්ඩුවක් සැකසීමට අවශ්‍ය පහසුකම් පාර්ලිමේන්තුව තුළ නොවන බවත්, අයවැය පවා සම්මත කර ගත නොහැකි තත්ත්වයක් අද වන විට උද්ගත වී ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

පසුගිය කාලයේ බටහිර තානාපතිවරු පාර්ලිමේන්තුව තුළට ගෙනැවිත්, ඔක්තෝබර් 26 වන දින රටේ ඇති වුණ දේ සම්බන්ධයෙන් බොරු මතවාදයක් රට තුළ ඇති කරලා අද වන විට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 105 ක් හෝ නොමැති තත්ත්වයක් ඇති කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා විසින් ජාතික ආණ්ඩුවක් ඇති කිරීමේ අදහස වී ඇත්තේ ඉක්මනින් ව්‍යවස්ථා කෙටුම්පතක් ගෙනැවිත්, උතුරේ ජනතාව රවට්ටනවා මෙන් තමන්ගේ පසුපෙළේ මන්ත්‍රීවරු රවටා ඒ අයට ඇමතිකම් ලබා දීම වන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙය සැබෑ ජාතික ආණ්ඩු වුවමනාවක් නොවන බවත් එනිසා එය ජයගැනීම ඉතා අපහසු කාර්යක් වන බව ද ඔහු සඳහන් කළේය.

ජාතික ආණ්ඩුවකට යෑමට පෙර හැකිනම් අයවැය සම්මත කර ගෙන පෙන්වන ලෙස ද ඉසුර දේවප්‍රිය මහතා මෙහිදී කියා සිටියේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *