තවත් සිඟිත්තෙක් ඇළකට වැටී අවසන් ගමන් යයි

අරලගංවිල පොලිස් වසමේ මල්දෙණිය ප්‍රදේශයේ ඇළකට වැටී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ(10) සවස 1 ට පමණ මෙය සිදුව ඇත.

ඇලට වැටී බරලතළ තත්ත්වයෙන් සිටි දරුවා අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් සිට තිබේ.

පොලීසියට ලද තොරතුරකට අනුව අරලගංවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 2 යි මාස 3 ක් වු උල්පත්වැව, රුහුණුගම ලිපිනයේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ දිනුක හසරැල් කුමාරසිරි නැමති සිඟිත්තෙකි.

මෘත ශරීරය අරලගංවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

අරගලගංවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *