සිරිපා මඟ සිටින වෙළෙඳුන්ට චෝදනා

නල්ලත්නිය-ශ්‍රී පාද මාර්ගයෙන් ශ්‍රීපාද වන්දනාව සඳහා පැමිණෙන වන්දනාකරුවන්ගෙන් ඇතැම් ව්‍යාපාරිකයින් විසින් ආහාර පාන ඇතුලු අනෙකුත් භාණ්ඩ සඳහා අධික මිළ ගණන් අය කිරීම හේතුවෙන් තමන් බලවත් අපහසුතාවට පත්ව සිටින බව වන්දාකරුවෝ පවසයි.

නල්ලතන්නිය නගරයේ හා නල්ලතන්නිය -ශ්‍රී පාද මාර්ගයේ ඇතැම් ආපන ශාලා, රස කැවිළි වෙළඳසල් මෙන්ම කුළු බඩු වෙළඳසල් වල මෙසේ මිළ ප්‍රදර්ශනයක් නොකර ඉතා අධික මිළ ගණන්වලට ආහාර පාන ඇතුලු භාණ්ඩ අලෙවි කිරීම නිසා දුර බැහැර සිට පැමිණෙන තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව මෙම වන්දනාකරුවෝ පෙන්වා දෙයි.

ආහාර අනුභව කිරීමෙන් පසුව අධික මිළ ගණන් අයකිරීම හේතුවෙන් තමන් බලවත් අපහසුතාවට පත්වන බවත්, ජංගම දුරකතන සඳහා යොදවන සෑම වර්ගයේ මුදල් කාඩ් පතකට රුපියල් 05.00 සිට 20.00 දක්වා වැඩි මුදලක් අය කරන බව පවසන මෙම වන්දනාකරුවෝ, වන්දනාකරුවන් ගසා කන මෙම කූඨ ව්‍යාපාරිකයින් සම්බන්ධව පාරිභෝගික සේවා අධිකාරියේ කඩිනම් අවධානයට ලක්විය යුතු බවද කියා සිටිති.

මිළ පාලන නීති උල්ලංඝණය කරමින් ඇතැම් ව්‍යාපාරිකයින් විසින් අධික මිළට ආහාර පාන හා භාණ්ඩ ශ්‍රීපාද වන්දනාකරුවන්ට අලෙවි කිරීම නිසා සාධාරණ ලෙස ව්‍යාපාරික කටයුතු වල නිරතවන තමන්ගේ කීර්ති නාමයට බලවත් කැළලක් බව එම වෙළඳ ප්‍රජාව පවසති.

ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වීමට ප්‍රථම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් වරයාගේ ප්‍රධානත්වයෙන් නල්ලතන්නිය නගරයේදී පවත්වන ශ්‍රීපාද සම්බන්ධීකරණ රැස්වීමේදී පාරිභෝගික සේවා අධිකාරයේ නුවරඑළිය දිස්ත්‍රික් ඒකකය මගින් නල්ලතන්නිය නගරයේ සිට නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ ආහාර පාන, පානීය ජල බෝතල් ඇතුලු අනෙකුත් භාණ්ඩ අලෙවි කළ යුතු මිළ ගණන් සම්බන්ධව වෙළඳ ප්‍රජාව දැණ්ම්වත් කර උපදෙස් මාලාවක් ලබා දීම සිදු කළද එම උපදෙස් පිළි නොපැද අත්තනෝමතිකව ව්‍යාපාරික කටයුතුවල නිරතවී වන්දනාකරුවන් අපහසුතාවට පත් කරන මෙම කූඨ වෙළෙන්ඳන්ට එරෙහිව නීතිය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *