මදූෂ් ඇතුළු 39 දෙනෙක් අද අධිකරණයට

පාතාල ක්‍රියාකාරිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බව සැළකෙන මාකඳුරේ මදූෂ් ඇතුලූ ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලාංකික සැකකරුවන් 39දෙනෙකු අද (10) එරට අධිකරණය හමුවට ඉදිරිපත් කෙරෙනවා.

ඩුබායිහි සුපිරි හෝටලයක පැවැති සාදයකදී මදූෂ් ඇතුළු 31දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර තවත් සැකකරුවන් 14දෙනෙකු එම හෝටලයෙන් පිටතදී අත්අඩංගුවට ගැනුණා.

එලෙස අත්අඩංගුවට ගැනුණු සියලූ සැකකරුවන්ගේ රුධීර පරීක්ෂාවක් ඉකුත් දා සිදු කෙරුණා. ඒ අතරින් විෂ මත්ද්‍රව්‍ය ශරීරගතව ඇති බවට අනාවරණ වී ඇති 39දෙනෙකු මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

රුධිර පරීක්ෂාවේදී විෂ මත්ද්‍රව්‍ය ශරීර ගතවී නොමැති බවට අනාවරණ වූ 06දෙනෙකු මීට පෙර මුදා හැරුණා. එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ නීතියට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන්ට විශේෂ දඬුවම් කි‍්‍රයාත්මක වනවා.

ශරීයා නීතියට අනුව දඬුවම් පැමිණවීමේදී සැලකෙන කාලය මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් දඬුවම් පැමිණවීමේදී වෙනස් වන බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළිවුණේ. ශරීයා නීතියට අනුව මාසයකට අයත් දින ගනණ 23ක් වන අතර අවුරුද්දක් ලෙස සැලකෙන්නේ එවැනි මාස 09ක කාලයක්. එහෙත්, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූවන්ට, සාමාන්‍ය මාස සහ වසරකට මාස 12ක් සේ සලකා දඬුවම් නියම කෙරෙනවා.

කෙසේවෙතත් මෙම වසරේ ජනාවාරි 01වැනිදා සිට එරට තුළදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වරදකරුන් වන පුද්ගලයන්ට වෙඩි තබා මරා දැමීම නතර කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *