ගුරුවරුන් ආරක්ෂාව ඉල්ලා සතියක් විරෝධය පාන්න සැරසේ

පාසල් සිසුන් සම්බන්ධයෙන් විනය කි‍්‍රයාමාර්ග ගැනීමේදී ගුරුවරුන් ආරක්ෂා කරන ලෙස වගකිවයුත්තන්ට බලකරමින් එළඹෙන සතියේ රටපුරා උදඝෝෂණ කි‍්‍රයාමාර්ගයකට යොමු වන බව ලංකා ගුරුසේවා සගමය පවසනවා.

ඒ පිළිබඳ කරුණු දැක්වූ එම සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේ මෙම විරෝධතා මාලාවෙන් බලධාරීන්ට අවධාරනය කරන්නේ දරුවන්ගේ විනය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන ගුරුවරුන් රැක ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් තිබීම අවශ්‍ය බව යන්නයි. කෙසේවෙතත් සීමාව ඉක්මවා කටයුතු කරමින් දරුවන්ට දඩුවම් කරන ගුරුවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බවද පෙන්වා දුන්නා.

ඒ අනුව රට පුරා ගුරුවරුන් එළඹෙන 11 වැනිදා සිට 15 වැනිදා දක්වා උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට තීරණය කර ඇති බවද පෙන්වා දුන්නා.

මත්ද්‍රව්‍ය උවදුරට පවා පාසල් සිසුන් ගොදුරු වී ඇති පසුබිමක සිසුන්ගේ විනය ආරක්ෂා කිරීමේදී ගුරුවරුන්ට ද ආරක්ෂාවක් අවශ්‍ය වන බවයි ලංකා ගුරුසේවා සංගමයේ ප‍්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

සිසුවෙකුට පහරදීම හේතුවෙන් කුරුණෑගල ප‍්‍රදේශයේ පාසලක ගුරුවරියකට කුරුණෑගල මහාධිකරණය මගින් වසර 02ක සිරදඬුවමක් නියම කළේ ඉකුත් 01වැනිදායි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *